ඕස්ටේ්‍රලියාව 2-0 කින් ජය ලබයි

(ෂෙවෝන් ප්‍රනාන්දු, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට..) ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 2-0 ක් ලෙස ජයගැනීමට අද (9) සමත් විය. ගාල්ලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැති දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය වූ අද (9) පෙරවරුවේ ඕස්ට්‍රේලියානු පිල තරගය කඩුලු 9 කින් ජය ලැබීය. ඕස්ට්‍රේලියානු පිල ලකුණු 75 ක ජයග්‍රාහි ඉලක්කය ඕවර 17.4කදී කඩුල්ලක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් විය. තරගයේ තෙවැනි දිනය වූ ඊයේ (8) පසරුවේ ක්‍රීඩාව අවසන් කරන විට කඩුලු 8 ක් දැවී ලකුණු 211 ක් රැස්කර සිටි ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 231කට අද පෙරවරුවේ සීමාවිය. ශ්‍රී ලංකාව පළමු ඉනිම ඕවර 97.4 කදී සියලු දෙනා දැවී 257 (දිමුත් කරුණාරත්න 36, දිනේෂ් චන්දිමාල් 74, කුසල් මෙන්ඩිස් නොදැවී 85, රමේෂ් මෙන්ඩිස් 28, මිචෙල් ස්ටාක් 37/3, මැතිව් කුනේමන් 63/3, නේතන් ලයන් 96/3) ඕස්ටේ්‍රලියාව පළමු ඉනිම ඕවර 106.4 කදී සියලු දෙනා දැවී 414 (ට්‍රැවිස් හෙඩ් 21, උස්මාන් කවාජා 36, ස්ටීවන් ස්මිත් 131, ඇලෙක්ස් කේරි 156, බියු වෙබ්ස්ටර් 31, නිෂාන් පීරිස් 94/3, ප්‍රභාත් ජයසූරිය 151/5, රමේෂ් මෙන්ඩිස් 81/2) ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම ඕවර 68.1 කදී සියලු දෙනා දැවී 231 (ඇන්ජලෝ මැතිව්ස් 76, ධනංජය ද සිල්වා 23, කුසල් මෙන්ඩිස් 50, මැතිව් කුනේමන් 63/4, නේතන් ලයන් 84/4, බියු වෙබ්ස්ටර් 6/2) ඕස්ට්‍රේලියාව දෙවැනි ඉනිම ඕවර 17.4 කඩුලු 1 ට 75 (උස්මාන් කවාජා නොදැවී 27, ට්‍රැවිස් හෙඩ් 20, මානස් ලැබුෂේන් නොදැවී 26, ප්‍රභාත් ජයසූරිය 20/1)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.