දේශීය පුවත්, ප්රධාන පුවත
අනුරගේ ආණ්ඩුවේ හොරුන්ටත් වැඩ වරදී
(ඔගස්ටා පෙරේරා)
වත්මන් ආණ්ඩුව ඇතුලේ සිටින සමහර නිළධාරීන්ට ඉදිරියේදී නඩු ගොණු කිරීමට නියමිත බවත් ඊට අදාල ඇතැම් අධි චෝදනා පත් වලට තමා අත්සන් කර තිබෙන බවත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂක ජනරාල් රංග දිසානායක පැවසීය.
එම කොමිසමේ ඊයේ (3 වැනිදා) පැවැති මාධ්ය හමුවකදී ඔහු මේ බව පැවසුවේය.
වත්මන් ආණ්ඩුව විසින් වරාය අධිකාරිය ඇතුළු විවිධ ආයතන රැසකට පත්කරන ලද ප්රධාන නිළධාරීන් රැසක් සම්බන්ධව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කරන ලද පැමිණිලිවලට මාස තුනකට වැඩි කාලයක් ඉක්මවා ඇතත්, ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු නොවීම පිළිබඳව මාධ්යවේදියෙකු කරන ලද විමසීමේදී ඔහු මේ බව කියා සිටියේය.
කොමිසමට දිනකට පැමිණිලි විශාල සංඛ්යාවක් ලැබෙන බවත්,පැරණි ලිපි ගොණු සම්බන්ධව කටයුතු කිරීමේදී,නව පැමිණිලි සම්බන්ධ ලිපි ගොණු පැරණි වන බවද ඔහු පැවසීය.
මෙම නිළධාරීන් සම්බන්ධව කොමිෂන් සභාවට පැමිණිලි ලැබී ඇත්තේ මෙම නිළධාරීන් ඉකුත් 2015,2016,2020 ආදී වසර වලදී කරන ලද සිද්ධීන් වලට අදාලව වූවත්,වර්තමානය වන විටදී එම නිළධාරීන් ආපසු නිලතලවල සිටින බවද ඔහු කීවේය.
විශාල පිරිසක් පිළිබඳව පැමිණිලි ලැබීමේදී එක් එක් පුද්ගලයා සම්බන්ධව පැමිණිලි කිරීමට සිදුවන බවද ඔහු කීවේය.ඇතැම් පුද්ගලියන් සම්බන්ධව වෙන වෙනම කොමිසමක් පත් කිරීමට තරම් පැමිණිලි තිබෙන බවද අධ්යක්ෂක ජනරාල්වරයා කීවේය.
මුදල් විශුද්ධිකරණය සම්බන්ධව බලතලද මේ වනවිට කොමිසමට ලැබී තිබෙන බවත්,ඒ අනුව මෙම පුද්ගලයින්ගේ වත්කම් සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධවද විමර්ශනය කෙරෙන බවද ඔහු පැවසීය.


