පානදුරේ තවත් වෙඩි තැබීමක්

(සාලිය සමන්) පානදුර, වෑකඩ හොරණ පාරේ සුපිරි වෙළඳසැලක් ඉදිරිපිටදී පුද්ගලයෙක්ට අද (29) පෙරවරුවේ වෙඩි තබා ඇති බව පානදුර දකුණ පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙක් සුපිරි වෙළඳසැල ඉදිරිපිට ඇති යතුරුපැදි අමතර කොටස් අළෙවිසැලක සිටි පුද්ගලයෙක්ට මෙසේ වෙඩි තබා ඇති බවත් වෙඩි වැදුණු පුද්ගලයා පානදුර මූලික රෝහලට ඇතුළත් කළ බවත් එම නිලධාරියා කීය. පානදුර පොලිස් බල ප්‍රදේශයෙන් මාසයක පමණ කාලයක් තුළ වාර්තා වූ තෙවැනි වෙඩිතැබීම මෙය වන අතර පින්වල ප්‍රදේශයේ වෙඩි තැබීමෙන් පුද්ගලයෙක් මරණයට පත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.