දේශීය පුවත්, ප්රධාන පුවත, වාණිජ විත්ති
ජුනි මස ඉන්ධන මිලේ වෙනසක් නෑ
(ඔගස්ටා පෙරේරා )
ඉන්ධන මිල සූත්රයට අනුව ලබන ජූනි මස ඉන්ධන මිල වෙනස් නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගතත සංස්ථාවේ උසස් නිලධාරියෙක් අද (31) පස්වරුවේ පැවසීය.
ජුනි මාසයේ ද මැයි මස පැවති ඉන්ධන මිල නොවෙනස්ව ක්රියාත්මක වන බව ද එම නිලධාරියා කීය.
ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක මිල රුපියල් 293 ක, ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක මිල රුපියල් 341 ක, ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 274 ක, සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 325 ක සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 178 ක තවදුරටත් පවතින බව ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.


