ක්රීඩා
බැංගලෝර් අවසන් මහ තරගයට
(ෂෙවෝන් ප්‍රනාන්දු)
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ (2025) අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට අද (29) සමත් විය.
මොහාලි ක්‍රීඩාංගණයේදී අද (29) පැවැති සුදුසුකම් ලැබීමේ පළමු තරගයේදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල කඩුලු 8 කින් පන්ජාබ් කිංග්ස් පිල පරාජය කළේය.
පන්ජාබ් කිංග්ස් පිල ඕවර 14.1 කදී සියලු දෙනා දැවී 101
(මාකස් ස්ටොනිස් 26, ජෝෂ් හර්ෂල්වුඩ් 21/3, සුයාෂ් ශර්මා 17/3)
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල ඕවර 10 කදී කඩුලු 2 ට 106
(පිල් සල්ට් නොදැවී 56, විරාට් කෝලි 12,මයාක් අගර්වාල් 19, රාජාට් පටිදාර් නොදෙවී 15)


