දේශීය පුවත්, ප්රධාන පුවත
බෝගම්බර බන්ධනාගාර ඉඩම වසර 50 කට බදු දෙන්න යයි
(ඔගස්ටා පෙරේරා)
නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පවතින මහනුවර මහ නගර සභා බලප්රදේශයේ පිහිටි පැරණි බෝගම්බර බන්ධනාගාර ඉඩම වසර 50 ක බදු පදනම මත ආයෝජනයක් සඳහා අභිලාෂ කැඳවීමට කැබ්නට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
සංස්කෘතික සහ සංචාරක ප්රවර්ධන කාර්යක් සඳහා මූල්ය, පාරිසරික හා සමාජීය විභවතාවක් සහිත සංවර්ධන ව්යාපෘතියක් සඳහා එම ඉඩම බැහැර කිරීම සඳහා ආයෝජන යෝජනා කැඳවීමට නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්ය අනුර කරුණාතිලක මහතා කළ යෝජනාවට මෙසේ අනුමැතිය හිමිවිය.
බෝගම්බර බන්ධනාගාර පරිශ්රය සහ බන්ධනාගාර ගොඩනැගිලි ලෝක උරුම ගොඩනැගිලි සංරක්ෂණයට ද ඇතුළත්ව තිබේ.


