ක්‍රීඩා, දේශීය පුවත්
ශ්‍රියානි කුලවංශට උසස් තනතුරක්
(ෂෙවෝන් ප්‍රනාන්දු)
ජාතික ක්‍රිඩා තේරීම් කමිටුවේ සභාපති ලෙස හිටපු කෙටි දුර ධාවන සහ කඩුලු පැන දිවීමේ ශූරියක් වන ශ්‍රියානි කුලවංශ මහත්මිය පත්කර තිබේ.
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේදී ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සාමාජිකයන්ට පත්වීම් ලිපි ප්‍රදානය කළහ.
ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවට පත්වූවන් පහත දැක්වේ.
01. ශ්‍රියානි කුලවංශ –
(සභාපති – ජාතික ක්‍රිඩා තෙරීම් කමිටුව)
02. මේජර් ජෙනරාල් රවී පතිරවිතාණ – (ලේකම් – ජාතික ක්‍රිඩා තේරීම් කමිටුව )
03. මේජර් රාජිත සමරසේකර – (සම්බන්ධීකරණ නිලධාරී – ජාතික ක්‍රිඩා තේරීම් කමිටුව)
04. කමල් ගම්ලත් – විශ්‍රාමික (ක්‍රීඩා භාර නිලධාරී – ක්‍රීඩා අමාත්‍යංශය )
05. රුවන් පෙරේරා – (පාසල් ක්‍රීඩා නියෝජ්‍ය අධ්‍යක්ෂ – සසෙක්ස් විදුහල)
06. ජයමිනි ඉලෙපෙරුම – (විශ්‍රාමික බැංකු නිළධාරීනී – හැටන් නැෂනල් බැංකුව )
07. සුරේෂ් සුබ්‍රමනියම් – (සභාපති – ජාතික ඔලිම්පික් කමිටුව)
08. අනුරාධා ඉලෙපෙරුම – (අතිරේක ලේකම් – තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය)


