ක්රීඩා, දේශීය පුවත්
ක්රිකට් සම්මාන රාත්රීය අද
(ෂෙවෝන් ප්රනාන්දු)
ශ්රී ලංකා ක්රිකට් ආයතනය සංවිධානය කරන ක්රිකට් සම්මාන උළෙල – 2025 ‘සිනමන් ලයිෆ්’හිදී අද (9) රාත්රී 7.00 සිට පැවැත්වේ.
මෙම සම්මාන උළෙලේදී පසුගිය වසරේ (2024) ජත්යන්තර සහ ජාතික මට්ටමේ දස්කම් දැක්වූ ක්රිකට් ක්රීඩක ක්රීඩිකාවන් සම්මාන ලැබීමට නියමිතය.
පසුගිය වසරේ විශිෂ්ටතම ක්රිකට් ක්රීඩකයා සහ ක්රීඩිකාව සම්මාන මෙවර සම්මාන උළෙලේ ප්රධානම සම්මාන වේ.
ඊට අමතරව වසරේ නැගී එන ක්රීඩකයා, වසරේ දක්ෂතම පිතිකරු, පන්දු යවන්නා සහ දක්ෂතම පන්දු රකින්නා සම්මාන ද, වසරේ නැගී එන ක්රීඩිකාව, වසරේ දක්ෂතම පිතිකාරිය, පන්දු යවන්නිය සහ දක්ෂතම පන්දු රකින්නිය සම්මාන ද ඇතුළු සම්මාන රැසක් ප්රදානය කිරීමට නියමිතය.
මෙවර සම්මාන උළෙල වසර 6 කට පසුව පැවැත්වීමට කැපී පෙණෙන අතර මෙවර සම්මාන උළෙලට ‘හෝම් ලෑන්ඩ්ස්’ සමූහය අනුග්රහය දක්වයි.


