හිටපු ඇමති දයාගේ වත්කම් වෙන්දේසියේ

(ඔගස්ටා පෙරේරා) හිටපු අමාත්‍යවරයෙක් මෙන්ම එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රබලයෙක් වන දයා ගමගේ මහතාට අයිතිය හිමි ආයතන තුනක් ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරීමට කොළඹ වාණිජ මහාධිකරණය නියෝග කර තිබේ. දයා ගෲප් ලිමිටඩ්, දයා ඇපරල් එක්ස්පෝටර් ලිමිටඩ් සහ ඔලිම්පස් කන්ස්ට්‍රක්ෂන් ප්‍රයිවට් ලිමිටඩ් යන ආයතන තුන මෙසේ වෙන්දේසි කිරීමට නියමිතය. එම වත්කම් ලබන ජූලි මස 2 වැනිදා පෙරවරු 10.00 ට වෙන්දේසි කිරීමට නියමිතය. මූල්‍ය සමාගමට අයවිය යුතු රුපියල් 104,229,342 ක මුදලක් අයකර ගැනීම සඳහා එම ආයතන තුන ප්‍රසිද්ධියේ වෙන්දේසි කරයි. එම මූල්‍ය සමාගමට අය විය යුතු රුපියල් 108,309,342 ක මුදලින් රුපියල් 4,080,000ක පමණ මුදලක් වගඋත්තරකරුවන් ගෙවා ඇති බැවින් ඉතිරි මුදල අය කරගැනීම සඳහා කොළඹ වාණිජ මහාධිකරණය 2022 වසරේ නොවැම්බර් මස 10 වැනිදා අදාල වත්කම් ප්‍රසිද්යේ වෙන්දේසි කිරීමට තීන්දු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.