ක්‍රීඩා
සීසීසී – පානදුර අවසන් ගැටුම අද
(ෂෙවෝන් ප්‍රනාන්දු)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම අන්තර් සමාජ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සීසීසී පිල සහ පානදුර ක්‍රීඩා සමාජය අතර සීසීසී ක්‍රීඩාංගණයේදී අද රාත්‍රී 7.30 සිට විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වේ.
මෙම තරගයේදී සීසීසී පිලේ නායකයා ලෙස තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග කටයුතු කරන අතර පානදුර ක්‍රීඩා සමාජ පිලේ නායකයා ලෙස තුන් ඉරියව් ක්‍රීඩක දුෂාන් හේමන්ත කටයුතු කරයි.


