කාදිනල් හිමිගෙන් ‘මාලිමා’ ආණ්ඩුවට දොස්

(ඔගස්ටා පෙරේරා) ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කර ‘පාස්කු ප්‍රහාර’ විමර්ශන පිළිබඳව දුන් පොරොන්දුව ඉටුවී නොමැති බවත් ඒ සඳහා මූලික වැඩපිළිබවෙළක් හෝ ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීමෙන් දැඩි කනස්සල්ලට පත්ව සිටින බවත් මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමෝ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ ඊයේ (12) පස්වරුවේ පැවැති දේවමෙහෙයේදී එසේ පැවසූහ. පසුගිය මැතිවරණ සමයේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට වර්තමාන රජය දුන් පොරොන්දුව වන ‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාර’ පිළිබඳව වොහාරිකව පවත්වන විමර්ෂණවලට මගපෙන්වීමට සහ උදව්වීමට මෙන්ම ප්‍රහාරය සම්බන්ධ නඩු කටයුතු පත්වාගෙන යෑමට බලතල ඇති විශේෂ අභිශෝදවරයෙක් සහ කාර්යාලයක් ස්ථාපිත කිරීම මේ දක්වා ඉටුකර නොමැති බව කණාගාටුවෙන් වුවද ප්‍රකාශ කළයුතු බවත් උන්වහන්සේ කීහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.