බල්තසාර් කොළඹ 28 වැනි නගරාධිපති වෙයි

(ඔගස්ටා පෙරේරා) ජාතික ජනබලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් මෙනෙවිය කොළඹ නගර මහ සභාවේ නගරාධිපතිවරිය ලෙස අද (16) පෙරවරුවේ වැඩි ඡන්දයෙන් තේරීපත්වූ අතර එම පක්‍ෂයේම මන්ත්‍රී හේමන්ත කුමාර මහතා එම නගර සභාවේ උප නගරාධිපතිවරයා ලෙස නිරතයෙන් පත්විය. එම පත්වීමත් සමඟ කැලී බල්තසාර් මෙනෙවිය කොළඹ මහ නගර සභාවේ 28 වැනිදා නගරරාධිපතිවරයා බවට පත්වූවායග කොළඹ මහ නගර සභාවේ නව සභික මණ්ඩලයේ පළමු එම කොළඹ නගර සභා රැස්වීම් බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා කල්හාරී ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම නගර සභා ශාලාවේදී අද :16* පෙරවරුවේ පැවැත්විණිග එහිදී පැවැති රහස් ඡන්දයේදී ජාතික ජනබලවේගයේ නගරාධිපති ධූර අපේක්‍ෂිකාව වූ ව්‍රායි කැලී බල්තසාර් මෙනෙවිය මන්ත්‍රී ඡන්ද 61 ක් හිමිකරගත් අතර විපක්‍ෂයේ නගරාධිපති අපේක්‍ෂක සමඟි ජනබලවේගයේ මන්ත්‍රී රීසා සරුක් මහතා ඡන්ද 54 ක් හිමිකරගත්තේයග ඒ අනුව ව්‍රායි කැලී බල්තසාර් මෙනෙවිය වැඩි ඡන්ද 7 කින් නගරාධිපතිනිය බවට පත්වූවායග මෙම මංගල රැස්වීමට එම නගර සභාවේ සභිකයන් 117 ම පැමිණ සිටි අතර නගරාධිපතිවරයා තෝරාගැනීම සඳහා එම සභිකයන් අතර රහස් ඡන්දයක් පැවැත්විය යුතු යැයි පක්‍ෂ විපක්‍ෂ මන්ත්‍රීවරු අඛණ්ඩව ප්‍රකාශ කිරීම නිසා පැයක පමණ කාලයක් විවාදාත්මක තත්වයක් ඇතිවියග ඉන් පසුව පක්‍ෂ සහ විපක්‍ෂ මන්ත්‍රීවරු නගරාධිපතිවරයා තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමට එකඟවීමත් සමඟ පළාත් පාලන කොමසාරිස් සාරංගිකා කල්හාරී ජයසුන්දර මහත්මිය ඡන්දය පැවැත්වීමට පියවර ගත්තායග ඒ අනුව මන්ත්‍රීවරු විනාඩි 40 ක පමණ කාලයක් තුළ ඡන්දය ප්‍රකාශ කළ අතර එම ඡන්ද 117 න් ඡන්ද දෙකක් ප්‍රතික්ෂේප කළ අතර ඡන්ද 115 ක් පිළිගත්තේයග උප නගරාධිපති ධූරයට ජාතික ජනබලවේගයේ මන්ත්‍රී හේමන්ත කුමාර මහතාගේ නම එම පක්‍ෂයේ මන්ත්‍රීවරු දෙපළක් යෝජනා කළ අතර ඒ අනුව සභාවේ ඒකමතික කැමැත්තෙන් හේමන්ත මහතා නිතරගයෙන් උප නගරාධිපති ධුරයට පත්වියග පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාවේ සභික ධුර 117 න් ජාතික ජනබලවේගය සභික ධූර 48 ක් පමණක් හිමිකරගැනීම නිසා කිසිඳු පක්‍ෂයකට සියයට 50 ක සභික ධූර හිමිනොවීමෙන් බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරයාගේ මූලිකත්වයෙන් නගරාධිපතිවරයා සහ උප නගරාධිපතිවරයා තෝරාගැනීමට සිදුවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.