ශන්ටෝ (136) – මුෂ්ෆිකුර් (105) බංග්ලාදේශය ඔසවා තබති

(ෂෙවෝන් ප්‍රනාන්දු, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට..) ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (17) ආරම්භ වූ පළමු තරගයේ පළමු දිනයේ ක්‍රීඩාව අවසන් කර විට බංග්ලාදේශ පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 292 ක් රැස්කර ප්‍රබල තත්වයක සිටියේය. තරගයේ පළමු දිනය වන අද (17) පස්වරුවේ ක්‍රීඩාව අත්හිටුවන විට නායක නජ්මුල් හොසේන් ශන්ටෝ (නොදැවී 136) සහ මුෂ්ෆිකුර් රහීම් (නොදැවී 105) පන්දුවට පහර දෙමින් සිටියහ. නජ්මුල් හොසේන් ශන්ටෝ සහ මුෂ්ෆිකුර් රහීම් සිවුවැනි කඩුල්ලට ලකුණු 247 ක නොබිඳුණු සම්බන්ධතාවක් පැවැත්වීමට ද සමත්ව සිටියහ. ශන්ටෝ පන්දු 260 කදී හතරේ පහර 14 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 136 ක් රැස්කිරීමට සමත් විය. මෙය ශන්ටෝගේ 6 වැනි ටෙස්ට් ශතකයයි. මුෂ්ෆිකුර් රහීම් පන්දු 186 කදී හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 105 ක් රැස්කර සිටියේය. බංග්ලාදේශ පිලේ නායක නජ්මුල් හොසේන් ශන්ටෝ කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහරදීම තෝරාගත්තේය. හෙට (18) තරගයේ දෙවැනි දිනයයි. බංග්ලාදේශය පළමු ඉනිම ඕවර 90 කදී කඩුලු 3 ට 292 (මොමිනුල් හක් 29, නජ්මුල් හොසේන් ශන්ටෝ නොදැවී 136, මුෂ්ෆිකුර් රහීම් නොදැවී 105, තරිඳු රත්නායක 124/2)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.