කොමසාරිස්වරියට විරෝධය දක්වා සීතාවක සභිකයෝ පිටව යති.. සභාව කොට උඩ

(සජිත් චමින්ද) සීතාවක ප්‍රාදේශීය සභාවට නව සභාපතිවරයෙකු පත් කරගැනීම සඳහා වූ ඡන්ද විමසීම රහස් ඡන්දයක්ද? විවෘත ඡන්දයක්ද? යන ගැටලුව මතුවීම නිසා බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරියට විරෝධය දක්වමින් එහි සභිකයන් 24 ක් පිටයෑමෙන් එහි සභාපතිවරයා තෝරාගැනීම දින නියමක් නොමැතිව අද (17) කල්ගියේය. සභාකයන් 24 ක් සභා ගර්භයෙන් පිටත්ව යෑමෙන් සභාවේ ඝන පූර්ණය නොමැති වීම මත සභාව විනාඩි 30කට කල්තැබීමට කොමසාරිස්වරිය කටයුතු කළ අතර පසුව ඇති වූ තත්වය මත සීතාවක ප්‍රාදේශීය සභාව දින නියමයක් නොමැතිව කල්තබන බව කොමසාරිස්වරිය නිවේදනය කළාය. බස්නාහිර පළාත් කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම සීතාවක ප්‍රදේශීය සභා ශාලාවේදී පැවැත්විණි. එහිදී සභාපතිවරයා තෝරා පත්කරගැනීම සඳහා රහස් ඡන්දයක් පවත්වන්නේද විවෘත ඡන්දයක් පවත්වන්නේද යන්න තීරණය කිරීමට සමඟි ජනබලවේගය ප්‍රමුඛ විපක්‍ෂය විවෘත ඡන්දයක් පවත්වන ලෙසත් ජාතික ජනබලවේගය රහස් ඡන්දයක් පවත්වන ලෙසත් යෝජනා ස්ථීර කළේය. ඒ අනුව යෝජනා දෙකක් ඉදිරිපත්වී ඇති බැවින් සභාපතිවරයා පත්කර ගැනීම සඳහා වූ ඡන්ද විමසීම රහස් ඡන්දයක් ද විවෘත ඡන්දයක්ද වශයෙන් තීරණය කිරීමේ බලය කොමසාරිස්වරියට ඇති බැවින් මෙය රහස් ඡන්දයක් ලෙස පවත්වන බවට කොමසාරිස්වරිය පැවසීමෙන් විවාදාත්මක තත්වයක් ඇතිවිය. “මේක කොළඹ නගර සභාව නෙමෙයි. මේක සීතාවක” යැයි පවසමින් එහිදී සභිකයෝ පිටව ගියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.