ක්රීඩා
ළහිරු – තරිඳු ටෙස්ට් වරම් ලබති
(ෂෙවෝන් ප්රනාන්දු, ගාල්ල ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේ සිට..)
බංග්ලාදේශයට එරෙහිව ගාල්ල ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේදී අද (17) පෙරවරුවේ ආරම්භ වූ පළමු ටෙස්ට් ක්රිකට් තරගයේදී ළහිරු උදාර සහ තරිඳු රත්නායක, ශ්රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් ලැබූහ.
ඒ අනුව ළහිරු උදාර සහ තරිඳු රත්නායක, ශ්රී ලංකාවේ 168 වැනි සහ 169 වැනි ටෙස්ට් ක්රීඩකයෝ බවට පත්වූහ.
ඉදිරිපෙළ දකුණත් පිතිකරු ළහිරු උදාර 31 වැනි වියේ පසුවන අතර ළහිරු, නුගේගොඩ ශාන්ත ජෝන් විදුහලේ ආදි ක්රිකට් ක්රීඩකයෙකි. 29 හැවිරිදි තරිඳු රත්නායක දෑතින්ම පන්දු යැවිය හැකි සුවිශේෂි තුන් ඉරියව් ක්රීඩකයෙක් වන අතර ඔහු ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ ආදි ක්රිකට් ක්රීඩකයෙකි.


