කෙහෙළියගේ පවුලේ තවත් තිදෙනෙක් අල්ලස් කොමිසමට

(සජිත් චමින්ද) හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුල්වැල්ල මහතාගේ දියණියක්, බෑනා සහ ලේලිය අල්ලස් කොමිසමට මේ වන විට පැමිණ සිටින බව වාර්තා වේ. අල්ලස් කොමිසම ප්‍රකාශයක් ගැනීම සඳහා ඔවුන් කැඳවා ඇති බවත් අල්ලස් කොමිසමේ නිලධාරීන් ඔවුන්ගේ මේ වන විට ප්‍රකාශය ගනිමින් සිටින බවත් දැනගන්නට තිබේ. මුදල් විශුද්ධිකරණ සම්බන්ධ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ තවත් දියණියක් ඊයේ (18) අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් පසුව ඇප ලැබුණ ද ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් බන්ධනාගාර ගතවීමට සිදුවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.