දේශීය පුවත්, ප්‍රධාන පුවත
සූරියප්පෙරුම භාණ්ඩාගාර ලේකම් ?
(ඔගස්ටා පෙරේරා)
පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් වූ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කිරීමට නියමිත බව වාර්තාවේ.
ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් අද (20) ඉල්ලා අස්වූ අතර ජාතික ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට තේරී පත්වූ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.


