එතෙර, ප්‍රධාන පුවත
ඇමරිකානු කඳවුරුවලට මිසයිල ප්‍රහාර
(ජේම්ස් ඇන්තනී)
ඉරාකයේ සහ කටාරයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරුවලට ඉරානය මිසයිල ප්‍රහාරයක් අද (23) රාත්‍රී ක්‍රියාත්මක කළේය.
ඇමරිකාව, ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ඊයේ (22) එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු ලෙස මෙම ප්‍රහාර ක්‍රියාත්මක කළේය.
මැදපෙරදිග කලාපයේ ඇමෙරිකානු විශාලතම හමුදා කඳවුර වන අල් උබෙයිද් ගුවන් හමුදා කඳවුරට ද ඉරානය මෙහිදී මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බවත් එහිදී එම ගුවන් හමුදා කඳවුරට මිසයිල 6 ක් යොමුකර තිබූ බවත් විදේශ මාධ්‍ය වාර්තා කර තිබුණි.
මිසයිල ආරක්ෂණ පද්ධතිය එම මිසයිල සාර්ථකව විනාශ කර දැමුණු බවත් අල් උබෙයිද් ගුවන් හමුදා කඳවුරේ ඇමෙරිකානු හමුදා නිලධාරීන් 10,000 ක් පමණ සේවය කරන බවත් විදේශ මාධ්‍ය වාර්තා කර තිබුණි.


