දේශීය පුවත්
සජින් වාස් උසාවි ගේන්න
(සජිත් චමින්ද)
රුපියල් ලක්ෂ 369 කට අධික ආදායම් බදු නොගෙවූ බවට චෝදනා එල්ල වී ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතුරාජ මහත්මිය ඊයේ (23) වරෙන්තු නිකුත් කළාය.
සමාගම් කීපයක අධ්‍යක්ෂධූර දරමින් 2010, 2011 හා 2012 වර්ෂවලට අදාළව ආදායම් බදු රුපියල් 36,975,959 ක් නොගෙවීම් සම්බන්ධයෙන් මෙම නඩුව පවරා තිබූ අතර පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා මහතා සඳහන් කර සිටියේ වගඋත්තකරුට සිතාසි භාරදී ඇති නමුත් අධිකරණයේ පෙනී සිට නොමැති බවය.
දේශීය ආදායම් කොමසාරිස්වරයා 2023 වසරේදී සජින් වාස් ගුණවර්ධන මහතා වගඋත්තරකරු කරමින් පැවරූ පැමිණිල්ලක් සළකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරිය මෙසේ වරෙන්තුව නිකුත් කළාය.


