දේශීය පුවත්, ප්රධාන පුවත
ජපුර විශේෂඥ වෛද්යවරිය තවත් දින 14 ක් රිමාන්ඩ්
(සජිත් චමින්ද)
ස්නායු ශල්යකර්ම උපකරණ වැඩි මිලට අළෙවි කළේ යැයි චෝදනාවට අත්අඩංගුවට ගත් ශ්රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්ය මහේෂි විජේරත්න මහත්මිය ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන ජූලි මස 8 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ ප්රධාන මහෙස්ත්රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය අද (24) නියෝග කළාය.
අල්ලස් චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් එම සැකකරුවන් වෙනුවෙන් ඇප ඉල්ලා සිටිය ද මහේස්ත්රත්වරිය එම ඉල්ලීම ප්රතික්ෂේප කළාය.
අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සළකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්රධාන මහෙස්ත්රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය එම නියෝගය නිකුත් කළාය.


