මම අංක 4 බැට් කරනවට ඔයා ආසයිද?

(ෂෙවෝන් ප්‍රනාන්දු) බංග්ලාදේශයට එරෙහිව එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී හෙට (25) ආරම්භ වන දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේදී වමතින් දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක සොනාල් දිනූෂ ටෙස්ට් වරම් ලැබීමට බොහෝ දුරට ඉඩඇතැයි ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ නායක ධනංජය ද සිල්වා අද (24) පස්වරුවේ පැවසීය. එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද පස්වරුවේ පැවැති ශ්‍රී ලංකා පිලේ අවසන් පුහුණු සැසියට පෙර පැවැති මාධ්‍ය හමුවට සහභාගිවෙමින් ධනංජය ද සිල්වා එසේ පැවසීය. මෙම තරගයට වේග පන්දු යවන්නන් තිදෙනෙක් සමඟ පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටිය ද කාලගුණය හිටිහැටියේ වෙනස්වීම නිසා හෙට පෙරවරුවේ අවසන් එකොළොස්දෙනා නම් කරන බවත් ඇන්ජලෝ මැතිව්ස් පන්දුවට පහර දුන් අංක 4 ස්ථානයේ තමන් පන්දුවට පහරදීමට බලාපොරොත්තු වන බවත් ධනංජය කීය. එහිදී ධනංජය ද සිල්වා මාධ්‍යවේදියකුගෙන් මෙසේ ප්‍රශ්න කළේය. “මම නොම්බර 4 බැට් කරනවට ඔයා කැමතිද? එහෙනම් මම අංක 4 බැට් කරනවා” වමත් පිතිකරුවෙක් සහ වමත් දඟ පන්දු යවන්නෙක් වන 24 හැවිරිදි සොනාල් දිනූෂ පළමු පෙළ තරග 48 කදී කඩුලු 99 ක් දවාගනිමින් ලකුණු 2,478 ක් රැස්කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.