ක්රීඩා
සොනාල් ටෙස්ට් වරම් ලබයි
(ෂෙවෝන් ප්රනාන්දු, එස්.එස්.සී. ක්රීඩාංගණයේ සිට..)
බංග්ලාදේශයට එරෙහිව එස්.එස්.සී. ක්රීඩාංගණයේදී දැන් ආරම්භ වූ දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්රිකට් තරගයේදී වමතින් දඟ පන්දු යවන තුන් ඉරියව් ක්රීඩක සොනාල් දිනූෂ ශ්රී ලංකාවේ 170 වැනි ටෙස්ට් ක්රීඩකයා ලෙස ටෙස්ට් වරම් ලැබීය.
වමත් පිතිකරුවෙක් සහ වමත් දඟ පන්දු යවන්නෙක් වන 24 හැවිරිදි සොනාල් දිනූෂ පළමු පෙළ තරග 48 කදී කඩුලු 99 ක් දවාගනිමින් ලකුණු 2,478 ක් රැස්කර තිබේ.
බංග්ලාදේශ පිල කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.


