බංග්ලාදේශයට ලකුණු 245 ක ඉලක්කයක්

(ෂෙවෝන් ප්‍රනාන්දු, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සිට..) ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග තුනකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 49.2 කදී සියලුදෙනා දැවී ලකුණු 244 ක් රැස්කළේය. බංග්ලාදේශය ජයග්‍රහණය සඳහා ඕවරයට ලකුණු 4.9 ක සාමාන්‍යයක් පවත්වමින් ලකුණු 245 ක් රැස්කළ යුතුය. නායක චරිත් අසලංක පන්දු 123 කින් හතරේ පහර 6ක් සහ හයේ පහර 4 ක් සමගින් ලකුණු 106 ක් රැස්කිරීමට සමත් විය. ශ්‍රී ලංකා පිලේ නායක චරිත් අසලංක කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ලකුණු පුවරුව ශ්‍රී ලංකා පිල ඕවර 49.2කදී සියලු දෙනා දැවී 244 (කුසල් මෙන්ඩිස් 45, චරිත් අසලංක 106, ජනිත් ලියනගේ 29, මිලාන් රත්නායක 22, වනිදු හසරංග 22,: ටස්කින් අහමඩ් 47/4)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.