ක්‍රීඩා
ශ්‍රී ලංකාව ලකුණු රැස්කිරීම තෝරාගනී
(ෂෙවෝන් ප්‍රනාන්දු, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සිට..)
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග තුනකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය ලැබූ ශ්‍රී ලංකා පිලේ නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
ශ්‍රී ලංකා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක මිලාන් රත්නායක මෙහිදී එක්දින ජාතයන්තර වරම් හිමිකරගත් අතර මිලාන් ශ්‍රී ලංකාවේ 217 වැනි එක්දින ක්‍රීඩකයා බවට පත්විය.
ශ්‍රී ලංකා කණ්ඩායම:
පැතුම් නිස්සංක, නිෂාන් මධුෂ්ක, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, චරිත් අසලංක, ජනිත් ලියනගේ, මිලාන් රත්නායක, වනිඳු හසරංග, මහීෂ් තීක්‍ෂණ, ඒෂාන් මාලිංග සහ අසිත ප්‍රනාන්දු


