විශේෂඥ වෛද්‍යවරියගේ දියණියත් රිමාන්ඩ්

(සාලිය සමන්) නීති විරෝධීව බෙහෙත් අළෙවි කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි සූරසිංහ විජේරත්න මහත්මියගේ දියණිය ලබන 9 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය අද (7) නියෝග කළාය. අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරියකුට සහ සහකාර අධ්‍යක්ෂකවරියකට අධිකරණ භූමියේදී පසුගිය සිකුරාදා (4) මරණීය තර්ජනය කිරීම සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිසිය සහ අල්ලස් කොමිසම ඉදිරිපත් කළ පැමිණිලි දෙකක් සළකා බැලීමෙන් පසුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය. කෙසෙල්වත්ත පොලිසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කොළඹ කුරුඳුවත්තේ පදිංචි හේමාලී විජේරත්න මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළේය. සැකකාරියගේ සම්බන්ධයෙන් මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවීමට බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකාරියගේ සිංහල භාෂා හැකියාව සළකා බැලීමට ඇය පොලිසියට දී ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවන ලෙස ද නියෝග කළාය. සැකකාරිය මරණීය තර්ජනය කළේ යැයි කියන අවස්ථාවේ අධිකරණ සංකීර්ණයේ සීසීටිවි දර්ශන අල්ලස් කොමිසමට දෙන ලෙස ද අධිකරණ නියෝගයක් ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය රෙජිස්ටාර්වරියට නිකුත් කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.