රට ඉන්න අය ඩොලර් මිලියන 635 ක් එවලා

(ඔගස්ටා පෙරේරා) විදේශ රැකියා කරන මෙරට පුරවැසියන් පසුගිය ජුනි මාසයේ ප්‍රේෂණ ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 635.7ක යොමුකර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මෙම වසරේ ජනවාරි සිට ජූනි දක්වා කාලයේ විදේශ ප්‍රේෂණ ලෙස ඩොලර් බිලියන 3.7 ක් ලැබී ඇති බව ද මහ බැංකුව කියයි. මෙම ඩොලර් මිලියන 635.7 පසුගිය වසරේ ජූනි මාසයට සාපේක්‍ෂව සියයට 22 ක වර්ධනයක් බව කියන ශ්‍රී ලංකා මහ බැංකුව මෙම වසරේ ජනවාරි සිට ජුනි දක්වා කාලය තුළ ලැබුණු ඩොලර් බිලියන 3.7ක් පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 18.9 ක වර්ධනයක් බව ද සඳහන් කරයි. 2024 වසරේ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් අමෙරිකානු ඩොලර් බිලියන 6.57 ක් බව ද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩි දුරටත් කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.