බංග්ලාදේශය 2-1 කින් ශ්‍රී ලංකා පරාජය කරයි

(ෂෙවෝන් ප්‍රනාන්දු, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සිට..) බංග්ලාදේශය ශ්‍රී ලංකාවට එරෙහිව පැවති තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය 2-1 කින් ජය ලැබීමට අද (16) රාත්‍රී සමත් විය. කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (16) රාත්‍රී පැවැති දෙරට අතර තුන්වැනි සහ අවසන් තරගයෙන් බංග්ලාදේශ ක්‍රීඩකයෝ කඩුලු 8 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ. බංග්ලාදේශ පිතිකරුවෝ ලකුණු 133 ක ජයග්‍රාහි ඉලක්කය ඕවර 16.3 කදී කඩුලු දෙකක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ. බංග්ලාදේශය වෙනුවෙන් අනගි ඉනිමක් ක්‍රීඩා කළ තන්ෂීඩ් හසන් පන්දු 47 කදී හතරේ පහරක් සහ හයේ පහර 6 ක් සමගින් නොදැවී ලකුණු 73 ක් රැස්කිරීමට සමත් විය. පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිලේ පළමු කඩුලු හත ලකුණු 103 කට බිඳවැටීමෙන් අසීරු තත්වයකට පත්විය. දසුන් ශානක 20 වැනි ඕවරයේදී ගැසූ හතරේ පහර දෙක සහ හයේ පහර දෙකත් සමගින් එකතු වූ ලකුණු 22 න් ශ්‍රී ලංකාවට ලකුණු 132 ක් දක්වා ඇයි මේ අවස්ථාව උදාවිය. ලකුණු පුවරුව ශ්‍රී ලංකා පිල ඕවර 20 කදී කඩුලු 7 ට 132 (පැතුම් නිස්සංක 46, කමිඳු මෙන්ඩිස් 21, දසුන් ශානක නොදෙවී 35, මෙහෙදි හසන් මිරාෂ් 11/4) බංග්ලාදේශ පිල ඕවර 16.3 කදී කඩුලු 2 ට 133 (තන්ෂීඩ් හසන් නොදෙවී 73, ලින්ටන් දාස් 32, තව්හිඩ් රිඩෝයි නොදෙවී 27, නුවන් තුෂාර 25/1, කමිඳු මෙන්ඩිස් 21/1)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.