දේශීය පුවත්, ප්‍රධාන පුවත, වාණිජ විත්ති
වරාය කළමණාකර අධ්‍යක්‍ෂ නව පාරවලින් මුදල් ගිලියි
(ඔගස්ටා පෙරේරා)
රුපියල් මිලියන 50 කට අධික මුදලක් වැය කර ඉදිරිකළ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ගේට්ටු සහ පිවිසුම් මාර්ග පද්ධතිය පෞද්ගලික පර්යන්තවලට වාසිවන පරිදි වෙනස්කිරීමෙන් රාජ්‍ය මුදල් නාස්තිවන්නේ යැයි වරාය වෘත්තීය නායකයෙක් වන ශ්‍යාමල් සුමනරත්න මහතා අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසමට අද (11) පස්වරුවේ පැමිණිලි කළේය.
රුපියල් මිලියන 50 කට අධික මුදලක් වැය කර 2014 වසරේ වැඩ අවසන් කළ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ගේට්ටු සහ පිවිසුම් මාර්ග පද්ධතිය අඛණ්ඩව පවත්වාගැනීමට 2021 වසරේ තීරණය කර තිබූ බවත් වර්තමාන ආණ්ඩුව පත්වීමෙන් පසුව වරාය අධිකාරියේ නව කළමණාකාර අධ්‍යක්‍ෂවරයා පෞද්ගලික පර්යන්ථවලට මාර්ග සැළසුම් පද්ධතිය වෙනස්කිරීමට කටයුතු කළ බවත් එම පැමිණිල්ලේ කියවේ.
එම මාර්ග පද්ධතිය වෙනස්කිරීම පිළිබඳව තොරතුරු ලැබුණු වාහාම වරාය වෘත්තීය සමිති සන්ධානය විරෝධය දැක්වීමේ ප්‍රතිඵළයක් ලෙස වරාය භාර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙහෙයුම් කමිටුවක් පත්කළ බව කී ඒ මහතා ශ්‍රී ලංකාවට වඩාත් වාසිදායක සැළසුම දැනට ඉදිරිකර ඇති ගෝට්ටු පද්ධතිය යැයි අමාත්‍යවරයා පත්කළ මෙහෙයුම් කමිටුවක් කළ විද්‍යාත්මක සංසන්ධනයකින් තහවුරු කළ බව ද පැවසීය.
නැගෙනහිර පර්යන්තයේ ගේට්ටු සහ පිවිසුම් මාර්ග පද්ධතිය වෙනස් කිරීමේ තීරණය මේ දක්වා වෙනස් කර නොමැති බවත් වෙනත් කමිටු සහ නිලධාරීන් පත්කරමින් එම ක්‍රියාවලිය ක්‍රියාත්මක කරමින් සිටින බවත් ඔහු කීය.
වරාය අධිකාරියේ නව කළමණාකාර අධ්‍යක්‍ෂවරයාගේ වැරදි තීරණයක් මත රාජ්‍ය මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන ලෙස වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය කරුණු 10 ක් යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමෙන් ඉල්ලා සිටින අතර ‘දූෂණය’ සහ ‘අල්ලස’ වැරදි යටතේ එම මුදල් අවභාවිතයට සම්බන්ධ සියලුම දෙනාට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද වැඩිදුරටත් ඉල්ලා සිටියි.
වර්තමාන ආණ්ඩුව යටතේ වාරාය අධිකාරී පාලනය වෘත්තීය සමිති නායකයන් දඩයම් කරමින් සිටීම නිසා තමන් වරාය සේවකයෙක් ලෙස මෙම පැමිණිල්ල කළ බවත් දේශපාලන බේදයකින් තොරව පැරණි මාර්ග වැරදි නම් එයට වගකිවයුතු සහ නව මාර්ගය වැරදි නම් ඊට වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසමෙන් ඉල්ලා සිටි බවත් සුමනරත්න මහතා පැමිණිල්ල භාරදීමෙන් පසුව පැවසීය.


