ශ්‍රී ලංකාව සිවුවැනි තැනට එයි

(ෂෙවෝන් ප්‍රනාන්දු) අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීමේ සිවුවැනි ස්ථානයට ශ්‍රී ලංකාව නැවතත් පැමිණ සිටියි. ආසන්නතම යාවත්කාලීන කිරීමට අනුව ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 103 ක් හිමිකරගනිමින් සිවුවැනි ස්ථානයට පත්ව තිබේ. ඉන්දියාව ප්‍රසාද ලකුණු 124 ක් ලබා එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය තව දුරටත් ආරක්‍ෂා කරගැනීමට සමත්ව සිටියි. නවසීලන්තය සහ ඕස්ටේ්‍රලියාව ප්‍රසාද ලකුණු 109 බැගින් ලබා පිළිවෙළින් දෙවැනි සහ තෙවැනි ස්ථානවල රැදී සිටියි. පාකිස්තානය ප්‍රසාද ලකුණු 102 ක් ලබා පස්වැනි ස්ථානයේ ද, දකුණු අප්‍රිකාව ප්‍රසාද ලකුණු 96 ක් ලබා හයවැනි ස්ථානයේ ද, පසුවෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.