දේශීය පුවත්, ප්රධාන පුවත
‘බැකෝ සමන්ගේ’ බිරිඳ – දරුවා සී.අයි.ඩී. භාරයට
(සාලිය සමන්)
ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් ‘කෙහෙල්බද්දර පද්මේ’ ඇතුළු පාතාල නායකයන් පස්දෙනා සමඟ භාරයට ගත් ‘බැකෝ සමන්’ නමැත්තාගේ බිරිඳ සහ දරුවා කටුනායක ගුවන්තොටුපලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුට අද (29) පස්වරුවේ භාරයට ගත් බව පොලිසිය පැවසීය.
බැකෝ සමන්ගේ බිරිඳ සහ දරුවා කොළඹ රහස් පොලිස් මූලස්ථානයට අද රාත්රියේ ගෙන එන බව ද පොලිසිය කීය.
ඉන්දුනීසියාවේ ශ්රී ලංකා තානාපති කාර්යාලය ඇයට සහ දරුවාට මෙරටට පැමිණීමට පහසුකම් සළසා ඇති බව කී පොලිසිය 30 හැවිරිදි වියේ පසුවන එම කාන්තාව ඇඹිලිපිටිය ප්රදේශයේ පදිංචිකාරියක් බව ද සඳහන් කළේය.
ඉන්දුනීසියාවෙන් පිටුවහල් කිරීමෙන් පසුව එම කාන්තාව සහ දරුවා කටුනායක ගුවන්තොටුපළට අද පස්වරු 5.50ට පමණ පැමිණිමෙන් පසුව ආගමන විගමන නිලධාරීන්ගේ භාරයට ගෙන කටුනායක ගුවන්තොටුපලේ රහස් පොලිස් ඒකකයට භාර දුන් බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.


