දේශීය පුවත්, ප්‍රධාන පුවත
විදුලිය බිඳ වැටීම් 30,000ක් යථාතත්වයට පත්කිරීම ප්‍රමාදයි
(හර්ෂණ විජේසිංහ)
වැසි සහ සුළං සහිත කාලගුණය හේතුවෙන් රටපුරා විදුලිය බිඳ වැටීම් 30,000 ක් පමණ වාර්තා වන බව ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉන්ජිනේරු ධම්මික විමලරත්න මහතා පැවසීය.
තද සුළං හේතුවෙන් විදුලි රැහැන් පද්ධතියට ගස් කඩාවැටීම හේතුවෙන් විදුලිය බිඳ වැටීම් රැසක් වාර්තා වන බව ද ඒ මහතා කීය.
විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති රැසක් අකුරට වැ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීම නිසා විදුලිය බිඳවැටීම් යථාතත්වයට පත්කිරීම් ප්‍රමාද වී ඇති බව ද විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය පවසයි.


