විදුලි ගාස්තු වෙනස් නොවේ

(ඔගස්ටා පෙරේරා) වර්තමාන විදුලි ගාස්තුවම නොවෙනස්ව පවත්වාගෙන යාමට මහජන උපයෝගීතා කොමිසම තීරණය කළ බව එම කොමිසමේ සභාපති මහචාර්ය ලලිත් චන්ද්‍රලාල් මහතා පැවසීය. මහජන උපයෝගිතා කොමිෂන් සභා ප්‍රධාන කාර්යාලයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී එම කොමිසමේ සභාපති මහචාර්ය ලලිත් චන්ද්‍රලාල් මහතා එසේ නිවේදනය කළේය. ඒ අනුව ලබන ජනවාරි මස දක්වා දැනට පවතින විදුලි ගාස්තුවම පවතින අතර විදුලි ගාස්තුව ස්ථායිව පවත්වාගෙන යාම එම කොමිසමේ අරමුණ බව කී මහාචාර්ය චන්ද්‍රලාල් මහතා විදුලි ගාස්තුව පිළිබඳව ජනවාරි මස නැවත සලකා බලන බව ද වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.