දේශීය පුවත්
නීතිඥ වන්නිනායකට ඇප
(සාලිය සමන්)
ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයේදී පොලිස් කොස්තාපල්වරයෙකුට බැන තර්ජනය කරමින් රාජකාරියට බාධා කළ බවට චෝදනා එල්ල වූ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට ගල්කිස්ස මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (15) පස්වරුවේ නියෝග කළේය.
නීතිඥ ගුණරත්න වන්නනායක මහතා ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට අද පස්වරුවේ ඉදිරිපත් විය.
පොලීසිය, ගුණරත්න වන්නිනායක මහතා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කරමින් සිටි අතර ඒ මහතා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා සමග ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට වාර්තා කළේය.


