මනූෂට ඇප දෙයි

(සජිත් පීරිස්) ශ්‍රී ලාංකිකයන් ඊශ්‍රායලයේ රැකියා සඳහා යැවීමේදී සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා චෝදනාවකට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කළ හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා අද (15) පස්වරුවේ නියෝග කළේය. පසුගිය රජය සමයේ ඊශ්‍රායල රැකියා සඳහා පුද්ගලයින් යැවීමේදී සිදුවී ඇතැයි කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට අද (15) පෙරවරුවේ ඔහු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.