ඉන්දියා – නවසීලන්ත තීරණාත්මක තරගය අද

(ෂොවෝන් ප්‍රනාන්දු) අන්තර්ජාතික ක්‍රිකට් සභාව මෙහෙයවන කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරක ඉන්දියාව සහ නවසීලන්තය අතර තීරණාත්මක තරගය මුම්බායිහි පටිල් ක්‍රීඩාංගණයේදී අද (23) පස්වරුවේ පැවැත්වේ. මෙම තරගයෙන් ජය ලබන කණ්ඩායමට ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 6 ක් දක්වා ඉහළ නංවාගෙන ප්‍රසාද ලකුණු සටහනේ සිවුවැනි ස්ථානයට ඒමේ අවස්ථාව උදාවේ. ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී හෙට (24) පැවැත්වීමට නියමිත පළමු වටයේ 25 වැනි තරගයෙන් මෙන්ම දෙපිලේම පළමු වටයේ අවසන් තරගයෙන් ශ්‍රී ලංකාව ජය ලැබුවහොත් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 6 ක් දක්වා ඉහළ යයි. ඕස්ටේ්‍රලියාව, දකුණු අප්‍රිකාව සහ එංගලන්තය මේ වන විටත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.