දේශීය පුවත්, ප්‍රධාන පුවත
වැලිගම සභාපතිගේ ඝාතකයන් හදුනාගෙනලු
(සාලිය සමන්)
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනය කළ පුද්ගලයන් පිළිබඳව තොරතුරු ලැබී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය.
එම සැකකරුවන් ඉදිරි දින දෙක තුන තුළ අත්අඩංගුවට ගන්නා බව ද අමාත්‍යවරයා කීය.
මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් හතරක් යොදවා ඇති බවත් ඉදිරි දින දෙක තුන ඇතුළත එම ඝාතනයට සම්බන්ධ සියලුදෙනා අත්අඩංගුවට ගන්නා බවත් අමාත්‍යවරයා කීය.
සභාපතිවරයා ඝාතනයට ලක්වීම ගැන කණගාටු වන අතර මෙය පාතාලය, නීතිවිරෝධී කටයුතු කරන කෙනෙක් ද වෙනත් කෙනෙක් ද කියන එක අදාළ නොවන්නාක් මෙන්ම සෑම ජීවිතයක්ම ආරක්ෂා කිරීමට බැදී සිටින බව ද ඒ මහතා සඳහන් කළේය.
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ප්‍රාදේශීය සභාව තුළ නිල කාර්යාලයේ සිටියදී නාඳුනන තුවක්කරුවකුගේ වෙඩි ප්‍රහාරයකින් ඊයේ (22) පෙරවරුවේ ඝාතනයට ලක්විය.


