ක්රීඩා, දේශීය පුවත්
විස්සයි20 සංචිතය නම් කරයි
(ෂෙවෝන් ප්රනාන්දු)
ශ්රී ලංකාව සහ එංගලන්තය අතර
අනිද්දා (30 වැනිදා) ආරම්භ වන තරග තුනකින් සමන්විත විස්සයි20 ක්රිකට් තරගාවලියට සහභාගි වන ශ්රී ලංකා විස්සයි20 සංචිතය අද (28) නිවේදනය කළේය.
දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් එම සංචිතයට ක්රීඩකයන් 16 දෙනකු ඇතුළත්ව සිටිති.
මෙම තරගාවලියේ සියලු තරග මහනුවර පල්ළෙකැලේ ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේ පැවැත්වෙන අතර තරග මේ මස 30, පෙබරවාරි මස 1 සහ 3 යන දිනවල පැවැත්වේ.
ශ්රී ලංකා විස්සයි20 සංචිතය:
දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, කමිල් මිෂාර, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, ජනිත් ලියනගේ, පවන් රත්නායක, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර, ප්රමෝද් මධුෂාන්, මතීෂ පතිරණ සහ ඒෂාන් මාලිංග


