ක්‍රීඩා, දේශීය පුවත්
එංගලන්තය කඩුලු 5 කින් දෙවැනි තරගය ජය ලබයි
(ෂෙවෝන් ප්‍රනාන්දු, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සිට..)
සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී අද (24) පැවැති දෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 5 ක පහසු ජයක් ලැබීය.
එංගලන්තය ලැබූ මෙම ජයග්‍රහණයත් සමග තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 1-1 ක් ලෙස සම තත්වයට පත්විය.
එංගලන්ත පිතිකරුවෝ ලකුණු 220 ක ජයග්‍රාහී ඉලක්කය ඕවර 46.2 කදී කඩුලු 5 ක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ.
ජෝ රූට් අනගි ඉනිමක් ක්‍රියාත්මක කරමින් පන්දු 90 කින් හතරේ පහර 5ක් සමගින් ලකුණු 75 ක් රැස්කිරීමට සමත් විය.
පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල වෙනුවෙන් නායක චරිත් අසලංක පන්දු 64 කදී හතරේ පහරක් සමගින් ලකුණු 45 ක් රැස් කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.
ශ්‍රී ලංකා පිල 45 වැනි ඕවරයේ පස්වැනි පන්දුව වන විට කඩුලු හයක් දැවී ලකුණු 193 ක් රැස්කර සිටිය ද අවසන් කඩුලු හතර ලකුණු 26ක් තුළ බිඳවැටීමෙන් ලකුණු 219 කට සීමාවිය.
ශ්‍රී ලංකා පිල ඕවර 49.3 කදී සියලු දෙනා දැවී 219
(පැතුම් නිස්සංක 26, කුසල් මෙන්ඩිස් 26, ධනංජය ද සිල්වා 40, චරිත් අසලංක 45, පවන් රත්නායක 29, දුනිත් වෙල්ලාලගේ 20, ජෙමි වෝල්ටන් 21/2, අදීල් රෂීඩ් 34/2 ජෝ රූට් 12/2)
එංගලන්ත පිල ඕවර 46.2 කදී කඩුලු 5 ට 223
(බෙන් ඩකට් 39, ජෝ රූට් 75, හරී බෘෘක් නොදැවී 42, ජෝස් බට්ලර් නොදැවී 33, ධනංජය ද සිල්වා 37/2, ජෙෆ්රි වැන්ඩෙසේ 45/2)


