ඕස්ටේ්‍රලියාවේ ඉරණම අයර්ලන්තය අතේ

(ෂෙවෝන් ප්‍රනාන්දු) විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ සහ අයර්ලන්තය අතර මහනුවර පල්ළෙකැලේ ක්‍රීඩාංගනයේදී අද (17) පැවැත්වෙන තරගයේ ප්‍රතිපළය අනුව ප්‍රබල ඕස්ටේ්‍රලියානු පිල ලෝක කුසලාන තරගාවලියේ තව දුරටත් රැදෙනවාද යන්න තීරණය වේ. සිම්බාබ්වේ පිල අද තරගයේදී අයර්ලන්තය පරාජය කළහොත් ඕස්ටේ්‍රලියානු බලාපොරොත්තු සුන්වන අතර අයර්ලන්තය ජය ලැබුවහොත් ඕස්ටේ්‍රලියාවට තවත් දින කීපයක් බලාපොරොත්තු රඳවාගැනීමේ අවස්ථාව තිබේ. ප්‍රබල ඕස්ටේ්‍රලියානු පිල ශ්‍රී ලංකාව හමුවේ ලැබූ පරාජයත් සමඟ පළමු වටයෙන්ම ඉවතට විසිවීමේ දැඩි අවදානමකට පත්ව තිබේ. ඕස්ටේ්‍රලියාව මේ වන විට සහභාගි වූ තරග තුනෙන් දෙකක් පරාජයට පත්ව ප්‍රසාද ලකුණු 2 ක් හිමිකරගනිමින් ‘බී’ කාණ්ඩයේ තෙවැනි ස්ථානයේ පසුවෙයි. සිම්බාබ්වේ පිල සහභාගි වූ තරග දෙකම ජය ලබා ප්‍රසාද ලකුණු 4 ක් හිමිකගනිමින් එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ රැදී සිටියි. ඕස්ටේ්‍රලියාව ලබන 20 වැනිදා ඕමානයට එරෙහිව පළමු වටයේ අවසන් තරගයට සහභාගි වීමට නියමිත අතර ඕස්ටේ්‍රලියාව ‘සුපිරි අට’ වටය පිළිබඳව බලාපොරොත්තුවක් තබාගැනීමට නම් එම තරගය අනිවාර්යෙන් ජය ලැබිය යුතුය. සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව අතර තරගය ලබන 19 වැනිදා පැවැත්වෙන අතර සිම්බාබ්වේ පිල ඉතිරි තරග දෙකම පරාජයට පත්ව ඕස්ටේ්‍රලියානු පිල ඕමානය පරාජය කළ හොත් ‘ශුද්ධ ලකුණු වේගය’ අනුව ‘සුපිරි අට’ වටයට සුදුසුකම් ලැබීම තීරණය වේ. සිම්බාබ්වේ මේ වන විට ධන 1.984 ක ද, ඕස්ටේ්‍රලියාව ධන 0.414 ක ද, ‘ශුද්ධ ලකුණු වේගය’ක් රඳවාගෙන සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.