දේශීය පුවත්
උපකාරක පන්ති ගුරුවරුන්ගෙන් දරුවන්ට ලක්ෂ 25 ක උපකරණ
(ඉරානි ගමගේ)
දිට්ටා සුළි කුණාටුවෙන් විපතට පත් දරුවන් සඳහා සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය ලක්ෂ 25ක් වටිනා පොත්, සපත්තු සහ ඇඳුම් කට්ටල ප්රදානය කළේය.
දෙහිඕවිටදී පැවති වැඩසටහනකදී දරුවන්ට එම උපකරණ ප්රදානය කළේය.
අධ්යාපන ප්රතිසංස්කරණ කිරීමේදී පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරුන් සමග ද සාකච්ඡා කර ප්රතිසංස්කරණ ක්රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින බව සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ සභාපති දුෂ්යන්ත මහබදුගේ මහතා එහිදී පැවසීය.
අධ්යාපන ප්රතිසංස්කරණ සඳහා තම සංගමය කිසිම විරුද්ධත්වයක් නොමැති බවත් මෙම ප්රතිසංස්කරණ කිරීමේදී පාර්ශව හතරක් එක්ව කටයුතු කළ ද යම්කිසි වැරැද්දක් සිදුවීමේදී එක් පාර්ශවයකට පමණක් එහි ඇඟිල්ල දික් කරන හේතුවෙන් එය නැවත නොවීමට සියලුම පාර්ශව එක්ව මෙම අධ්යාපන ප්රතිසංස්කරණ සකස් කළ යුතු බවත් ඒ මහතා කීය.


