උද්ධමනය ජනවාරියේ අඩු වෙලාලු

(සජිත් පීරිස්) ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මෙරට උද්ධමනය ජනවාරි මස අඩුවී ඇතැයි ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද (23) නිවේදනය කළේය. පසුගිය දෙසැම්බර් මාස සියයට 2.9 ක් පැවැති මෙරට උද්ධමනය පසුගිය ජනවාරි මාස සියයට 2.4 ක් දක්වා අඩු වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියයි. 2025 දෙසැම්බර් මාසයේ සියයට 4.4 ක් වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂමය උද්ධමනය පසුගිය ජනවාරි මාසයේ සියයට 3.4 ක් දක්වා අඩු වී ඇති බව ද කියන එම දෙපාර්තමේන්තුව පසුගිය දෙසැම්බර් මාසය ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය සියයට 1.6 ක් ලෙස පැවති අතර එය ජනවාරි මාසයේ ද නොවෙනස්ව පවතින බව ද සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.