ක්‍රීඩා, දේශීය පුවත්
එංගලන්තය අවසන් පූර්ව තරගය පෙණෙන මානයේ
(ෂෙවෝන් ප්‍රනාන්දු)
එංගලනත්ය විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවවලියේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට ආසන්නට පැමිණීමට සමත් විය.
මහනුවර පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේදී ඊයේ (24) රාත්‍රී පැවැති ‘සුපිරි අට’ වටයේ තරගයේදී එංගලන්තය කඩුලු දෙකකින් පාකිස්තානය පරාජය කරමින් දෙවැනි ජයග්‍රහණය ලැබීය. එම ජයග්‍රහණයත් සමග එංගලන්ත පිලේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 4 ක් බවට පත්ව තවදුරටත් දෙවැනි කාණ්ඩයේ පළමු ස්ථානය ආරක්ෂා කර ගැනීමට සමත් විය.
පළමු කාණ්ඩයේ ක්‍රීඩා කරන බටහිර ඉන්දීය කොදෙව් පිල සිම්බාබ්වේ පරාජය කරමින් ප්‍රසාද ලකුණු 2 ක් ද, දකුණු අප්‍රිකානු පිල ප්‍රබල ඉන්දීය පිල පරාජය කරමින් ප්‍රසාද ලකුණු 2 ක් ද, ලබා සිටින අතර ශුද්ධ ලකුණු වේගයය අනුව කොදෙව්වෝ පළමු ස්ථානයේ රැදී සිටිති.
එංගලන්ත පිල සත්කාර ශ්‍රී ලංකා පිල ලකුණු 51 කින් පරාජය කරමින් ප්‍රසාද ලකුණු 2 ක් ලබා දෙවැනි කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත්ව සිටියේය.
පාකිස්තානය සහ නවසීලන්තය අතර තරගයට වර්ෂාව හේතුවෙන් පැවැත්වීමට නොහැකිවීමෙ නිසා කණ්ඩායම් දෙකට ප්‍රසාද ලකුණ බැගින් හිමිවිය.


