නීතීඥයා – බිරිඳ ඝාතනයේ දෙවැනි වෙඩික්කරු හිටපු නාවික සෙබළෙක්ලු ?

(අකලංක ප්‍රනාන්දු) අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ දෙවැනි වෙඩික්කරු බවට සැකකෙරෙන පුද්ගලයෙකු මොනරාගල, හුළංදාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. මොනරාගල, පොලීසිය අදාල සැකකරු අත්අඩංගුවට ගත් බවත් ඔහු නාවික හමුදාවේ හිටපු සෙබළෙක් වන 40 හැවිරිදි පුද්ගලයෙක් බවත් එම නිලධාරියා කීය. අත්අඩංගුවට ගත් සැකකරු මේ වනවිට කොළඹට ගෙන එමින් සිටින බව ද එම පොලිස් නිලධාරියා වැඩි දුරටත් සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.