දේශීය පුවත්, ප්‍රධාන පුවත
විදුලි සේවකයෝ පැය 6 ක වර්ජනයක
(පල්ළෙගෙදර සරත් ජයන්ත)
ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති 21 ක සහභාගිත්වයෙන් හෙට (26) මධ්‍යහන 12.00 සිට පස්වරු 6.00 දක්වා පැය 6 ක කාලයක් සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය එකමුතුව පැවසීය.
වෘත්තිය සමිති කළ ඉල්ලීම් අට පිළිබඳව බලධාරීන් කිසිඳු සාධනීය ප්‍රතිචාරයක් නොදැක්වීමට විරෝධය දැක්වීමට මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව ද එම වෘත්තිය සමිති කීය.
මෙම පැය හයක කාලය තුළ ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම අංශ අකර්මණ්‍ය වන අතර එම කාලය තුළ වන කිසිදු බිඳවැටීමක් යථාතත්වයට පත් නොකරන බවත් මෙම වර්ජනයට කාර්යාල සේවක මණ්ඩල ද සහභාගි වීම නිසා කාර්යාල කටයුතු ද සම්පූර්ණයෙන්ම ඇනහිටින බවත් එම එකමුතුව සඳහන් කළේය.
ඉතා සාධාරණ සහ යුක්තිසහගත ඉල්ලීම් ඉටුකිරීම පසෙක ලා දිගින් දිගටම කල්මැරීම හේතුවෙන් මෙම වැඩවර්ජනයට අවතීර්ණවීමට සිදුවූ බව ද විදුලිබල මණ්ඩල වෘත්තිය සමිති කීය.


