ක්‍රීඩා, දේශීය පුවත්
ශ්‍රී ලංකාව අවසන් ස්ථානයේ
(ෂෙවෝන් ප්‍රනාන්දු, පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට..)
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි අට’ වටයේ තරග තුනම පරාජයට පත්ව දෙවැනි කාණ්ඩයේ අවසන් ස්ථානයට පත්ව තරගාවලියෙන් ඉවතට විසි විය.
මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති දෙවැනි කාණ්ඩයේ අවසන් තරගයේදී පාකිස්තානු පිල ලකුණු 5 කින් සත්කාරක ශ්‍රී ලංකා පිල පරාජය කිරීමට සමත් විය.
කෙසේ වෙතත් පාකිස්තානයට සහ ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට නොහැකිවූ අතර එංගලන්තය සහ නවසීලන්තය දෙවැනි කාණ්ඩයෙන් අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීය.
ශ්‍රී ලංකාව තරග තුනම පරාජයට පත්වීම හේතුවෙන් කිසිදු ප්‍රසාද ලකුණක් නොලබා දෙවැනි කාණ්ඩයේ අවසන් ස්ථානයට පත් විය.
පාකිස්තානු පිල ඕවර 20 කදී කඩුලු 8 ට 212
(සහිබ්ෂාඩා ෆර්හාන් 100, ෆකාර් සමාන් 84, ඩිලශාන් මධුශංක 33/3, දසුන් ශානක 42/2)
ශ්‍රී ලංකා පිල ඕවර 20 කදී කඩුලු 6 ට 207
(කමිල් මිෂාර 26, චරිත් අසලංක 25, පවන් රත්නායක 58, දසුන් ශානක නොදැවී 76, අබ්රාල් අහමඩ් 23/3)


