පෙට්‍රල් – ඩීසල් මිල ඉහළ යයි

(ඔගස්ටා පෙරේරා) පෙට්‍රල් සහ ඩීසල් ඇතුළු ඉන්ධන වර්ග තුනක මිල ඉහළ දැවීමට පියවර ගත් බව ලංකා ඛනිජ  තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කළේය. ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 4 කින්, ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 6 කින් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියලකින් ඉහළ දැමූ බවත් භූමිතෙල් සහ ඔක්ටේන් 95 පෙට්‍රල් මිල වෙනස් නොවන බවත් ඛනිජ තෙල් සංස්ථාව පැවසීය. නව මිල අද (1) සිට ක්‍රියාත්මක වන බවත් ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 281 ක්, ලංකා සුපිරි ඩීසල් ලීටරයක නව මිල 329 ක් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 293 ක් බවත් එම සංස්ථාව සඳහන් කරයි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 340 ක සහ භූමිතෙල් ලීටරයක් රුපියල් 182 ක තවදුරටත් පවතින බවද ලංකා ඛනිජ තෙල් සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.