පරිප්පු රුපියල් 120 කින් ඉහළ ගිහින්

(ඔගස්ටා පෙරේරා) ඉන්ධන මිල ඉහළ යෑම හේතුවෙන් පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ ගොස් ඇතැයි ජනතාව මැසිවිළි නගති. මිල විශාල ලෙස ඉහළ ගොස් ඇති ආහාර ද්‍රව්‍ය රැසක් ආනයනික ආහාර ද්‍රව්‍ය බවත් එළවළු සහ පළතුරු ඇතුළු දේශීය වශයෙන් නිෂ්පාදනය කරන ආහාර ද්‍රව්‍ය මිල ද ඉහළ ගොස් ඇති බවත් ජනතාව කියති. දින කීපයකට පෙර මිල රුපියල් 220 ක්ව පැවැති පරිප්පු කිලෝවක මිල රුපියල් 340 ත් 360 ත් දක්වා ද, රුපියල් 670 ක පැවැති මුංඇට කිලෝවක මිල රුපියල් 880 ත් 920 ත් දක්වා ද, මිල ඉහළ ගොස් ඇති බවත් රුපියල් 210 ක පැවැති සීනි කිලෝවක මිල ද රුපියල් 20 කින් පමණ ඉහළ ගොස් ඇති බවත් වෙළෙන්දෝ පවසති. ආනයනික අල සහ ලූණු මිල ද රුපියල් 20 ත් 30 ත් අතර මුදලකින් මිල ඉහළ ගොස් ඇති බවත් රුපියල් 150 ත් 180 ත් අතර මිලක පැවැති ලොකු ලූණු කිලෝවක මිල ඊයේ (25) පෙරවරුවේ රුපියල් 200 ත් 220 ත් අතර මිලකට අළෙවි වූ බවත් වෙළෙන්දෝ සඳහන් කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.