ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ නවසීලන්තය පරදවා ඉතිහාසගත ජයක් ලබති


(විරාන් පෙරේරා)
එංගලන්තයේදී පැවැත්වෙන විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ (2026) ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල අද (16) සහභාගි වූ පළමු වටයේ දෙවැනි තරගයේදී ප්‍රබල නවසීලන්ත පිල කඩුලු 5 කින් පරාජය කිරීමට සමත් විය.
ශ්‍රී ලංකාව විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රබල නවසීලන්තය පරාජය කළ පළමු අවස්ථාව මෙයවීම ද විශේෂයෙන් කැපී පෙණේ.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ලකුණු 151 ක ජයග්‍රාහී ඉලක්කය ඕවර 19.4 කදී කඩුලු 5 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් විය.
නිලක්ෂි සිල්වා (නොදැවී 54) සහ කෞෂිනී නුත්‍යාංගනා (නොදැවී 24) හයවැනි  කඩුල්ලට  ලකුණු 48ක නොබිඳුණු සම්බන්ධතාවක් පවත්වමින් ජයග්‍රහණයේ ප්‍රධාන කොටස්කාරියෝ බවට පත්වූහ.
ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකා නිලක්ෂි සිල්වා පන්දු 37 කින් හතරේ පහර පහක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 54 ක් රැස්කරමින් ප්‍රබල නවසීලන්ත පිලට බලාපොරොත්තු නොවූ පරාජයක් අත්කළ දුන්නාය.
ලකුණු පුවරුව
නවසීලන්ත පිල ඕවර 20 කදී කඩුලු 6 ට 150
(මිලී කීර් 45, සොපී ඩෙවිනි 45, සුගන්ධිකා කුමාරි 28/1, චමරි අතපත්තු 21/1, නිමාෂා මීපගේ 26/1, කවිෂා දිල්හාරි 35/2)
ශ්‍රී ලංකා පිල ඕවර 19.4 කදී කඩුලු 5 ට 153
(විශ්මි ගුණරත්න 17, චමරි අතපත්තු 27, කවිෂා දිල්හාරි 17, නිලක්ෂි සිල්වා නොදැවී 54, කෞෂිනී නුත්‍යාංගනා නොදැවී 24, නෙන්සි පටෙල් 23/2)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.