(විරාන් සවිතු)
මෙරට උද්ධමනය පසුගිය ජුනි මස සියයට 6.5 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද (21) පැවසීය.
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව පසුගිය මැයි මාසයේ සියයට 5.4 ක්ව පැවැති උද්ධමනය ජූනි මාසයේ සියයට 6.5 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් මැයි මාසයේ සියයට 1.5 ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලඏ්යමය උද්ධමනය ජූනි මාසයේ සියයට 3.3 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් එම දෙපාර්තමේන්තු කීය.
ආහාර නොවන කාණ්ඩයේ ලඏ්යමය උද්ධමන පසුගිය ජූනි මාසයේ සියයට 9.3 ක් ඉහළ ගොස් ඇති බව කියන එම දෙපාර්තමේන්තුව එම කාණ්ඩයේ උද්ධමනය පසුගිය මැයි මස සියයට 8.6 ක පැවැති බවද සඳහන් කළේය.


