(මධූෂිකා පෙරේරා)
පෞද්ගලික ඉන්ධන බෙදාහැරීමේ සමාගම් මිල පිළිබදව කර ඇත ඉල්ලීම අනුව ඉන්ධන මිල පිළිබඳව තීරණයක් ගැනීමට සිදුවිය හැකි බව බලශක්ති අමාත්ය අනුර කරුණාතිලක මහතා අද (14) පැවසීය.
ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් රටතුළ උද්ගතව ඇති ගැටලුකාරී තත්වය පිළිබඳව කළ විමසුමකදී අමාත්ය අනුර කරුණාතිලක මහතා එසේ ප්රකාශ කළේය.
පෞද්ගලික ඉන්ධන සැපයුම් සමාගම්වල ඉල්ලීම පිළිබඳව සැළකිල්ල යොමු කර ඉදිරියේදී තීරණයක් ගන්නා බවත් එසේ නැත්නම් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සාපේක්ෂව අඩු මිලකට අළෙවි කරන අතර අනිකුත් සමගාම්වලට ඉහළ සහ පහළ සීමාවක් නියම කර ඔවුන්ගේ මිලට ඉන්ධන අළෙවි කරන ලෙස තීරණය කිරීමේ හැකියවාව ඇති බවත් අමාත්යවරයා සඳහන් කළේය.
අර්බුදයේ විසඳුම් හැවියට අවස්ථාවන් කීපයක් ඇති බවත් විවිධ මිල ගණන් ඉදිරිපත් කර තිබුණ ද ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බව ද අමාත්යවරයා වැඩිදුරටත් සදහන් කළේය.


